ලෝක ළමා දින

නත්තල් උත්සවය 2023

whatsapp-image-2024-03-15-at-06.30.59_d8ce601c.jpg
WhatsApp Image 2024-03-15 at 09.23.24_b83262a9.jpg
WhatsAppImage2024-03-15at063058_fb3cdf60.jpeg

විදුහලේ මනා පැවැත්මටත් රටට වැඩදායක පුරවැසියෙකු ලෙස ඔබට හැඩ ගැසීමටත් විදුහල නීති මාලාවක් සකස් කර ඇත ඔබගේත් දෙමව්පියන්ගේත් ගුරුභවතුන්ගේත් විදුහලේත් ගෞරවය හා හොඳ නම රැක ගැනීම සඳහා පහත සඳහන් වූ එම නීතිවලට අනුකූලතාවය දැක්වීම විදුහල් මාතාව ඔබෙන් අපේක්ෂා කරයි.

1. පාසලට පැමිණීම


       1.1.පාසල ආරම්භ කිරීමට විනාඩි තිහකටවත් පෙර පාස්ලට පැමිණිය යුතුයි.
       1.2.පාසල පැවැත්වෙන දිනවලදී පිනපතා පාසලට පැමිණිය යුතුයි. 
       1.3.පාසලට නොපැමිණෙන  සෑම දිනයකම ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ නොපැමිණීමට හේතුව සඳහන් කරමින් පියා මව භාරකරුගෙන් අත්සන් කරවාගෙන පැමිණිය යුතුයි.
       1.4.පාසලට නොපැමිණීමම දින පහකින් පසුව පාසලට නැවත පැමිණිය යුත්තේ මව පියා හෝ භාරකරුකැටුවය.
       1.5.පාසලට පැමිණෙන විට උදේ පන්සිල් ගැනීමට සීනිුව නාද වී ඇත්නම් තමා ඉන්නා ස්ථානයේම පොත් පසෙකින් තබා පන්සිල් ගත යුතුය. පන්සිල් ගන්නා අවස්ථාවේ දී ඔබමව ගමන් කිරීම හෝ අන් අය සමඟ කතා කරමින් සිටිම වරදකි.
       1.6.ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවන සිසුන්  දෙදෙනා බැගින් දකුණු පසින් පැමිණිය යුතුය.
       1.7.පාසලට පැමිණෙන සෑම දිනකම මෙම ශිෂ්‍ය වාර්තාපත රැගෙන පැමිණිය යුතුය.
       1.8.එදිනෙදා කාලසටහන්වලට අනුකූලව පොත්පත් සියල්ල හා අවශ්‍ය අනෙකුත් උපකරණ රැගෙන පාසලට පැමිණිය යුතුය.
       1.9.පාපැදිවලින් පාසලට එන ළමුන් ගේට්ටු ආසල දී පාපැදියෙන් බැසිය යුතු අතර එතැන් සිට ඒවා තල්ලු කරගෙන විත් නියමිත ස්ථානයේ නියමිත පරිදි තැබිය යුතු අතර ඒවා ප්‍රවේශම් කර ගැනීමටද වග බලා ගත යුතුය.
       1.10.විදුහලේ කිසියම් ක්‍රීඩා කණ්ඩායමකට අයිති සිසුවෙක් විදුහල නියෝජනය කරමින් කිසියම් ක්‍රීඩා තරගයකට ඉදිරිපත්විය යුතු අවස්ථාවකදී එසේ නොකොට විදුහල් කණ්ඩායමට පරිබාහිරව වෙනත් ක්‍රීඩා සමාජයකින් විදුහලට එරෙහිව තරග කිරීම නොකළ යුතුය

 

2 .පාසලට පැමිණි පසු :


       2.1.පාසලට පැමිණි විගස පන්ති කාමරය හා මෙතන ශුද්ධ පවිත්‍ර කිරීමට අදාළ සිසුන් වග බලා ගත යුතුය.
       2.2.විද්‍යාලීය සම්ප්‍රදායකට අනුව ශිෂ්‍ය නායක මණ්ඩලයේ උපදෙස් පරිදි උදේ රැස්වීම් වලට සහභාගි විය යුතුය.
       2.3.පාසල ආරම්භ වීමෙන් පසුව පන්ති කාමරයෙන් බැහැර ස්ථානවල අනවශ්‍ය ලෙස කතා කිරීමෙන් වැළකී සිටිය යුතුය.
       2.4.පන්ති කාමරයේ හෝ විදුහල් භූමිය තුළ අනවශ්‍ය ලෙස ශබ්ද නඟා කතා නොකළ යුතුය. කුමන   හෝ අවස්ථාවකදී පරුෂ වචන හෝ අසභ්‍ය වචන පාවිච්චි නොකළ යුතුය.
       2.5.පන්තියෙ ඉගැන්වීම් කටයුතුවලදී මෙන්ම ශිෂ්‍ය සමිති ක්‍රීඩා කටයුතු ආදී විෂය බාහිර කටයුතුවලද වගකීමෙන් යුතුව සහභාගි විය යුතුය.
       2.6.විදුහලේ දී තම උපකරණ ආරක්ෂා කර ගැනීමටත් දුහල සතු සම්පත් සුරැකීමටත් විදුහල් භූමිය පවිත්‍රව හා දර්ශනීයම පවත්වා ගැනීමටත් ක්‍රියාකළ යුතුය.
       2.7.පොත්පත් බහා රැගෙන එන බෑගය කළු වර්ණයෙන් යුතු බෑගයක් විය යුතු අතර එය ප්‍රමාණයට වඩා විශාල හෝ ප්‍රමාණයට වඩා කුඩා හෝ නොවිය යුතුය.
       2.8.බාහිර පුද්ගලයන් පන්ති කාමරවලට නොගෙන්වා ගත යුතුය එවැනි පුද්ගලයක හමුවීමට අවශ්‍ය නම් ඒ සඳහා විදුහල්පතිතුමාගේ ලිඛිත අවසරයක් ගෙන පැමිණිය යුතු බව ඔවුන්ට දැන් විය යුතුය.
       2.9.කිසියම් විෂයකට අදාළ ගුරු බවතා නොපැමිණි විටෙක විෂය ප්‍රධාන සිසුවා විසින් පැවරුම් ලිපිගොනුව  ගෙන අදාළ පැවරුම් සිසුනට දිය යුතු අතර සියලු සිසුන් නිශ්ශබ්දව එම පැවරුම් කළ යුතුය.
       2.10.ඔබේ අස්වීමේ සහතිකය චරිත සහතිකය ආදී සහතික ගැනීමට පැමිණෙන හැම විටකම මෙම ශිෂ්‍ය වාර්තා පොතද රැගෙන ආ යුතුය. මෙම පොත නොමැති වන කිසිදු සහතිකයක් නිකුත් කරනු නොලැබේ.
       2.11.ඉගෙනුම් උපකාරකයක්  නොවන  පොතපත හා උපකරණ කිසිවක් විදුහලට රැගෙන නොයා යුතුය (    චිත්‍රකතා,   අසභ්‍ය පුවත්පත්, වීඩියෝ පට,  ස නෙමේ type cකැසට් පට, ජංගම දුරකථන  ආදිය)
       2.12.ක්‍රීඩා තරග පැවැත්වෙන දිනවලදී ක්‍රීඩා ඇඳුමින් සැරසී පන්ති කාමරවලට නොයා යුතු අතර ක්‍රීඩා තරග අවසනානයේ නිවසනට යාමේදී නිල ඇඳුමින්  සැරසී ආපසු නිවෙස් වලට යා යුතුය.
       2.13.විෂයානු බද්ධ ක්‍රියාකාරකම් සඳහා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්තයේ හෝ විදුහල් බිමේ රැඳී සිටීමට නම් අදාළ ගුරුභවතා ද සිටිය යුතුය.
       2.14.පාසලේ භෞතික සම්පත් ප්‍රවේශමින් පරිහරණය කළ යුතු අතර ඒවා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට සෑම සිසිවකුම වග බලා ගත යුතුය.
       2.15.විදුහලේ ඇති කැලිකසල/ වැසිකිලි වසරවල් අනුව වෙන් කොට ඇත. තමාට අයිති වසරට අදාළ කැසිකිළියට/ වැසිකිළියට පමණක් යා යුතු අතර, වෙනත් ඒවාට යාම වරදකි.
       2.16.තරගවලට හෝ වෙනත් තරගයකට හෝ නාට්‍යයක් නැරඹීමට හෝ වැනි අවශ්‍යතාවයක් සඳහා වෙනත් විද්‍යාලයකින් අපව ලට පැමිණෙන කිසිදු ශිෂ්‍යයෙක/ුට ශිෂ්‍යාවකට කිසිම මානසික හෝ ශාරීරික සිදු කිරීම තදබල වරදක් බව දත යුතුය. එවැනි සිසුන්ට සහෝදරත්වයෙන් උදව් උපකාර කිරීම තුළින් අප විදුහල ගෞරවයට පාත්‍ර කොට ගැනීමට කටයුතු කළ යුතුය. 
       2.17.නව වසරට පිටස්තර විදුහල්වලින් අපවිදුහලට පැමිණෙන සිසුන්ට(12 වසරට වැනි) නවක වදය දීම සම්පූර්ණයෙන්ම තහනම් බව සියලු සිසුන් ගත යුතු.ය ඔවුන් ද සුහදව පිළිගෙන සහෝදරත්වයෙන් කටයුතු කිරීමට ඉටා ගත යුතුය.
       2.18.සවස පන්ති සතියන්ට පන්ති නිවාඩු කාලීන පන්ති හා විෂය බාහිර ක්‍රියාකාරකම් වැනි පාසලේ ඉගැන්වීම් කාලයෙන් පසුව සහභාගි වන සෑම පංතියක් පිළිබඳවම එසේ සහභාගී වන බව දෙමාපියන්ට දැන්විය යුතුය.


 
3. පන්තියෙන් බැහැරව යාම:


       3.1.පන්තිවල ඉගැන්වීම් කාලය තුළදී ිශේෂ හදිසි අවශ්‍යතාවයකදී හැර ුම් කිසිදු ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් පන්තිකාමරවලින් බැහැරව නොයා යුතුය.
       3.2.එවැනි හදිසි අවශ්‍යතාවකදී වුව ද පන්තිවලින් බැහැරව යා යුත්තේ පන්තිභාර විෂය භාරයක් ගුරු බවතාගේ  ලිඛිත අවසරයක් මත පමණිි.
       3.3.එසේ ලිඛිතවසරයක් ගෙන වුවද  , එක් සිසුවෙකු පමණි. අවශ්‍යතාවය පරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකු යැවීමට පන්තිභාර/විශයභාර ගුරුභවතාට අවසර දී ඇත.
       3.4.තාක්ෂණික/සෞන්දර්යය/ක්‍රීඩා/පුස්තකාල ආදී යි කාලච්ඡේද වල බැහැරව  යාමේදි හා පසුව ඒ මෙදී තමන්ට නියමිත මාර්ගවල පමණක් ළමුන්  දෙදෙනා බැගින් පේලියට  නිශ්ශබ්දව   කඩිනමින් ගමන් කළ
            යුතුය .
       3.5.කිසිදු ශිෂ්‍යයෙකුට ිෂ්‍යාවකට විවේක කාලයේදී හා පාසල පටන් ගැනීමට පාලියේදී හැරුම් කිසිදු කාලච්ඡේදයක දී ආහාර පාන ගැනීමට හෝ ්ලිපි ද්‍රව්‍ය ගැනීමට හෝ ශාලා වෙත යාමට අවසර නැත. 
       3.6.කිසියම් සිසුවෙකුගේ භාවය තිබෙනතාක් කල් පාසල් කාලයේ පාසල් කාලය තුළදී හෝසන්නා සෙනසුරාදා හෝ ඉරිදා ඇතුළු පාසල් නිවාඩු කාලවලදීම හෝ සංවිධානය කරනු ලබන ියලුම අධ්‍යාපන ය හෝ
            විනෝද චාරිකා සඳහා විදුහල්පතිතුමාගේ අනුමැතියා ලබාගත යුතුය 

 

4 .පාසලින් වේලාසනින් බැහැර යාම :


       4.1.කිසියම් ශිෂ්‍යයකු් හෝ ශිෂ්‍යාවක ින් වේලාසනින් බැහැර යන්නේ හදිසි අසනීපයකින් පෙළෙන නිසා නම් ගුරුදෙගුරු සම්බන්ධතා පොතේ වේලාසනින් බැහැරව යාම නම් පිටුවේ සඳහන් පරිදි වූ පුරවා    
            විදුහල්පතිතුමා හෝ නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙත පැමිණ අදාළ පරිදි අවසර ගෙන බැහැරව යා යුතුය  
       4.2.එසේ බැහැර යන්නේ  ශිෂ්‍යාවක නම් ඇයට තනිකම යාමට අවසර නොදෙන බැවින් සල්වැසි ශිෂ්‍යාවක්ද කැටුව අදාළ පරිදි අවසර ගෙන බැහැරව යා යුතුය  
       4.3.කිසිදු ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යාවක් අනවසරයෙන් වේලාසනින් බැහැරව යාම තදබල වරදක් බව දත යුතුය. 

 

5.විදුහල අවසන් කිරීමේදී හා  බැහැර යාමේ දී:

 

      5.1.විදුහල අවසන් කිරීමට සිහිනුවන් අද කළ පසු සෑම විෂයක් නිසාවක්ම තම පංතියේ කාමයට ගොස් නිශ්ශබ්දව වාඩි විය යුතුය.
      5.2.නිශ්ශබ්ද සීනුව නාද වූ විට පාසලේ ගීතය ගායනා කොට පංතියේ සිටින ගුරුතුමාට ගුරුතුමියට ආචාර කොට සමසමුගෙන් නංගෙන ආනිශංස පේළි වලට පන්තියට නික්ම යා යුතුය
      5.3.ප්‍රධාන ගේට්ටුවෙන් මහා මාර්ගයට හිමි වී විට ළමුන් දෙදෙනා බැගින් පේළියට ගමන් කිරීමට වගබලා ගත යුතුය. 
      5.4.පාපැදි වලින් ගමන් ගන්නා සිසුන් කුඩා ගේට්ටුවෙන් බැහැර විය යුතු අතර මාර්ගයේ ගමන් ගන්නා විට වම්පසින්  එක් අයෙකු පසුපස එක් අයෙකු බැවින් ගමන් කළ යුතුය.

 

6.විශේෂ කරුණු:


      6.1.ඔබට භාරදී ඇති ළමා  මේසය,  පුටුව  හා  වෙනත් උපකරණ ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලබන මුළු කාලසීමාව තුළම ආරක්ෂා කර විදුහලින් ඉවත්ව යන විට පන්තිභාර ගුරු බවතාට ලබාදිය යුතුය. 
      6.2.විදුහලේ සියලුම උපකරණ,ය ගොඩනැගිලියි, ගහ කොල ඇතුළු සියලු සම්පත් වලට කිසිදු ආකාරයේ හානියක් නොකළ යුතුය. අසභ්‍ය වචන, ය හා එවැනි සටහන් බිත්තිවල උපකරණවල නොතැබිය යුතුය.
      6.3.මෙම සංග්‍රහයේ ඇතුළත් සියලුම විනය නීති,මත් ආචාර ධර්ම,ය සම්ප්‍රදායන් කඩකිරීමට යම් ආකාරයකින් අනුබලදීම ද එවැනි කඩකිරීම් වැළැක්වීමට  තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියා නොකිරීමද, එම කරුණු වසං කර සිටීම ද, තදබල වරදක් බව දතයුතුය.