ක්‍රි.ව.1930 පමණ කාලවකවානුව තුළ වැල්ලරාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය ලෙස කුඹුරු ගොවිතැන ද ගොඩ ඉඩම් ගොවිතැනද සිදු කරන කරන ලදී.ගමේ දරුවන් විසින් පවුලේ කුඩා ලමුන් බලා ගැනීම ,තරමක් උස් මහත් වූ පසු දෙමාපියන්ගේ කටයුතු වලට උදව් කිරීම ගවයන් බලා ගනීම වනි කටයුතු වල නියලෙමින් තම ජීවනෝපාය සොයා ගැනීම විනා අධ්‍යාපනය ,මානසික පෝෂණය ,අකුරු කිරීම , දන උගත්කම් සදහා අවස්ථාවක් නොතිබුණි.
ගම් වසියන් සියලුදෙනාගේම පාහේ නිවෙස් තාවකාලික ඒවා වන අතර උළු සෙවිලි කළ ස්ථිර නිවාස ගණන මුළු ප්‍රදේශයටම 05 ක් පමණ විය.පාපදි තිබී ඇත්තේ දෙකකි.
මෙවන් පසුබිමක් ගම තුල පවතින විට ගමින් එපිට අධ්‍යාපන නිකේතන 04ක් තිබී ඇත.එයින් දෙකක් කතෝලික සභාව මගින් පාලනය වුනු අතර අනෙක් අධ්‍යාපන නිකේතන දෙක පරම විඥානාර්ථ බෞද්ධ සමාගමෙන් පාලනය විය.මෙම පසල් හතරෙන් එකකටවත් ගමේ දරුවනට යාමට හැකියාවක් නැතුවා සේම අවස්ථාවක්ද තිබී නැත.
ආ අනුව ගමේ සිසුනට අධ්‍යාපනය ලබා දීමේ අරමුණෙන් පාසලක් අවශ්‍ය බව හා ඒ සඳහා යම් ස්ථානයක් අවශ්‍ය බව විශ්වාස කළ ඒ පිළිබදව සාකච්ඡා කළ හා මුල් වූ කීපදෙනෙකි.එනම් කළුගම ශ්‍රී විමලධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති අකරගම නාරද හිමි, මාදම්පේ සිට පැමිණි ආයුර්වේද සර්වාංග වෛද්‍ය එච්.බාරොන් පෙරේරා මහතා ද මැදගම පදිංචි එම්.ඩී.පියදාස මහතාද එමෙන්ම එම්.ඩී.ධර්මසේන මහතාද විය.
මොවුන් එක්ව සාකච්ඡා පවත්වා මේ සදහා සුදුසු ස්ථානයක් ලෙස පන්සල් බිමේ පාසල ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව 1934 වර්ෂයේ මුල් ගුරුතුමන් ඇතුළුව ගුරුවරුන් 03කින් හා සිසුන් 30 දෙනෙකුගෙන් පමන පාසල ආරම්භ කරන ලදී.
|
ආරම්භ කළ වර්ෂය |
1934 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්.ඩී.පියදාස මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
එම්.ඩී.පියදාස මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කු/වැල්ලරාව ආණ්ඩුවේ ස්ව භාෂා මිශ්‍ර පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
එම්.ඩී.පියදාස මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1935 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කළුගම ශ්‍රී විමලධමාරාම විහාරස්ථාන භූමිය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එච්.හෙක්ටර් ආරියරත්න |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1934 |







